Tuesday, June 9, 2026
Homeදේශීයඅප්‍රේල් උද්ධමනය පහළට..

අප්‍රේල් උද්ධමනය පහළට..

කොළඹ පාරිභෝගික මිල දර්ශනය මගින් මනින උද්ධමනය අප්‍රේල් මාසය තුළ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

මාර්තු මාසයේදී වාර්තා වූ උද්ධමනය 50.03 % සිට අප්‍රේල් මාසයේදී 35.03% ක් දක්වා පහත වැටී ඇති බව
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිතර මිල උච්චාවචන සහිත ආහාර අයිතම සහ ආහාර නොවන අයිතමවල මිල අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ලෙස පහළ යෑම හේතුවෙන් මෙලෙස උද්ධමනය පහළ ගොස් ඇති බව මහ බැංකු අවධාරණය කරයි.

මහ බැංකු දත්තවලට අනුව ආහාර කාණ්ඩයෙහි 2023 මාර්තු මාසයේ පැවති 47.6% හි ක් වූ උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ දී 30.6% දක්වා පහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2023 මාර්තු මාසයේ පැවති 51.7% හි සිට 2023 අප්‍රේල් මාසයේ දී 37.6% දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.

උද්ධමනය අඩුවීමේ ප්‍රවණතාව 2023 වසර පුරා අඛණ්ඩව පවතිනු ඇතැයි යන්න මහ බැංකුවේ අපේක්ෂාවයි.

මහ බැංකුව පුරෝකථනය කරන්නේ දැනට පවත්නා ඉහළ උද්ධමනය 2023 වසර අවසානය වනවිට තනි ඉලක්කමක මට්ටම වෙත ළඟා වනු ඇති බවයි.

READ:   අවුරුදු 05ට අඩු දරුවන් 12,000කට මන්දපෝෂණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්