දේශීය

මහ බැංකු වාර්තාව එළි දකී: 2022 වසරේ මෙරට ආර්ථික වර්ධනය ඝෘණ 7.8 ක්

2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධනය සෘණ 7.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ, ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ඊයේ (27) එළිදක්වමින්.

මහ බැංකුව වාර්තාව අද නිල වශයෙන් මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් භාරදෙනු ලැබුවා.

මේ වසරේ ආර්ථික වර්ධනය ද සෘණ 2 ක් වනු ඇති බව මහ බැංකුවේ පුරෝකථනයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වැනි වාර්ෂික වාර්තාව වන මෙහි දැක්වෙන්නේ, නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ අසීරුම ආර්ථික කාල පරිච්ඡේදය 2022 බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ අයවැය හා ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණ දී සිටි ශ්‍රී ලංකාව 2022 වනවිට දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් පැන නැගුණු අභියෝගයන්ට මුහුණදීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටි බව මහ බැංකු වාර්තාවේ දැක්වෙනවා.

එවන් පසුබිමක බදු අඩුකිරීම, කිසිදු පූර්ව සුදානමකින් තොරව කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම, විදෙස් සංචිත අවසන් වනතුරු විදේශීය ණය ගෙවීමට උත්සාහ දැරීම මෙන්ම පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි අවදානය යොමු නොකිරීම වැනි හේතු තුළින් ආර්ථිකය අති විශාල කම්පනයකට මුහුණ දුන් බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

මේ හේතුවෙන් විදේශ මූල්‍ය අර්බුදය සමාජ ආර්ථික ප්‍රශ්නය සමාජ දේශපාලනික ගැටලුවක් දක්වා වර්ධන වීම තුළ ව්‍යාපාරික විස්වාසය කඩා වැටීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම, ජීවන හා නිෂ්පාදන පිරිවැය ශීඝ්‍ර ලෙස ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙනවා.

ඒ අනුව, පසුගිය වසර තුළදී ඉන්ධන මිල ගණනන් 185% කින් බස් ගාස්තු 140% කින් ජල ගාස්තු 120% විදුලිය 114% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

ආහාර සැලකීමේදී පාන් 166% කින් කිරිපිටි 150% කින්, පළතුරු 112% කින් ආදි ලෙස ඉහළ මිල ගණන්ද පෙර නොවූ විරු ලෙස එම වසර තුළ ඉහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙනවා.

මෙම භාණ්ඩ සේවාවල මිල ගණන් ඉහළ යාම තුළ මෙරට පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව විශාල ලෙස පහළ ගොස් ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් .

පෞද්ගලික අංශ සේවකයාගේ මිලදී ගැනීමේ හැකියාව 22.7 % කින් ද රාජ්‍ය සේවකයාගේ 20.6% කින් පහළ ගොස් ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

6 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

6 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

1 week ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

1 week ago