දකුණු තුර්කියේ හටගත් භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුර්කියට බලපෑ භූ කම්පනයෙන් සිදුවූ විනාශය අවම කරගැනීමට තම රජයේ දුර්වලතා බලපෑ බව එරට ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ගෙවුණු 06 වනදා අලුයම 4.00 ට පමණ රික්ටර් මාපක 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් දකුණු තුර්කිය සහ සිරියානු දේශසීමා ප්‍රදේශය තුළ හටගත්තා.
සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.


