Sunday, April 19, 2026
Homeදේශීයඋණුසුම් කාලගුණය හේතුවෙන් මෙම කරුණු පිළිපදින්න - සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යංශය

උණුසුම් කාලගුණය හේතුවෙන් මෙම කරුණු පිළිපදින්න – සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යංශය

පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණය නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීම සඳහා සෞඛ්ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් සහිත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ දවස්වල,

  1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
  2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම
  3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම
  4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම
  5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම
  6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම. ඉතා වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධනය කාර්යංශය නිවේදනය කරනවා.
READ:   භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කරන දිනයක් ගැන ඇමති සියඹලාපිටිය කියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්