ශ්‍රී ලංකාව සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදී ශතක වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රම සමත්ව තිබෙනවා.
හතරේ පහර 9ක් සමඟ සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ පන්දු 112ක් පමණක් වැය කරමින්.
හතර් පහර 12 ක් සහිතව පන්දු 152ක් තුළ දිනේෂ් චන්දිමාල් සිය 14වන ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 6ක දැවී ලකණු 591 ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.


