Saturday, April 18, 2026
Homeදේශීයකොච්චර කල් ගියත් පාස්කු අපරාධකරුවන් නීතියට කොටු වන තුරු සටන් කරනවා -...

කොච්චර කල් ගියත් පාස්කු අපරාධකරුවන් නීතියට කොටු වන තුරු සටන් කරනවා – සිරිල් ගාමිනී පියතුමා (VIDEO)

පාස්කු අපරාධකරුවන් නීතියට කොටුවෙනතුරු එම අපරාධය අමතක නොකරන බව සිරිල් ගාමිනී පියතුමන් පවසනවා.

අද (17) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සිරිල් ගාමිනී පියතුමා මේ වබ පවසා සිටියා.

ඝාතන, පැහැරගැනීම් , අතුරුදහන් කිරීම් ඇතුළු සියලු අපරාධයන් පිටුපස සිටින අපරාධකරුවන් ආරක්ෂා කිරීමට දේශපාලන බලාධිකාරය පාවිච්චි කළ ප්‍රධාන උපායක් ලෙස ජනතාවට එම අපරාධ අමතකකරවීම පෙන්වා දිය හැකි බව පියතුමන් ප්‍රකාශ කළා.

ඒ අනුව ක්‍රමයෙන් අපරාධකරුවන් සුදනන් බවට පත්කීරීම සිදු වන බව පියතුමන් පෙන්වා දෙනවා.

සත්‍ය ඉල්ලා සටන් කරන මිනිස්සුන් අවසානයේ අපරාධකරුවන් බවට පත් කර ඇති බවයි පියතුමන් වැඩිදුරටත් පැවසුවේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්