Saturday, September 12, 2026
Homeදේශීයපාඨලීගේ නායකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ එළිදකී..

පාඨලීගේ නායකත්වයෙන් එක්සත් ජනරජ පෙරමුණ එළිදකී..

එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළි දැක්වීම මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී අද (22) සිදුවිය.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකගේ නායකත්වයෙන්.

එම අවස්ථාවට ඩලස් අලහප්පෙරුම, රවුෆ් හකීම්, ඒ.එච්.එම්. ෆවුසි, මනෝ ගනේෂන්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සමන් රත්නප්‍රිය, කරූ ජයසුරිය, කුමාර වෙල්ගම, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එක්සත් ජනරජ පෙරමුණේ නාටක පාඨලී චම්පික රණවක නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් ර‌ට ගොඩනගන කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට, ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකමෙන්ම ප්‍රජාතාන්ත්‍රික නිදහසත් ජාතික සමගිය ඒකාග්‍රතාව ලබාදීමත් අරමුණු කරගනිමින් පක්ෂය පිහිටුවන බවයි.

Hope M නම් වූ පංචවිධ වටිනාකම්, අවංක බව විවෘත බව ප්‍රයෝගිකත්වය සහකම්පනය සහ කුසලතාවාදය, ආර්ථික සමෘද්ධිය, තිරසර සංවර්ධනය ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය,සමාජ සාධාරණත්වය ,සමමිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම්ව එක්සත් ජනරජ පෙරමුණ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව ද එහි දැක්වෙනවා.

READ:   ඊශ්‍රායල් යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට යුද පුහුණුව ලබා දෙන බවට චෝදනාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්