Saturday, October 24, 2026
Homeදේශීයචීන ජාතිකයාගේ සිද්ධියේදී රාජ්‍ය ඇමති ගැන විමර්ශනයක් කරන්නේ නෑ - ටිරාන් අලස්

චීන ජාතිකයාගේ සිද්ධියේදී රාජ්‍ය ඇමති ගැන විමර්ශනයක් කරන්නේ නෑ – ටිරාන් අලස්

පසුගිය දා පාස්පෝට් දෙකක් සහිතව මෙරටට ඇතුළු වූ චීන ජාතිකයා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත් වන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඒ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

අදාළ චීන ජාතිකයාට කටුනායක ගුවන් තොටුපළෙන් රටට ඇතුළුමට රාජ්‍ය අමාත්‍යවරයෙකු උදව් කර ඇති බව.. සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියා.

තමන් එම සිද්ධිය සම්බන්ධයෙන් දැනගත්තේ මාධ්‍ය හමුවෙන් බවත් එතනදි යම් වරදක් සිදුව ඇති බව තමන් පිළිගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළා.

චීන ජාතිකයෙකුට තවත් පාස්පෝට් එකක් ලඟ තබා ගත නොහැකි බැවින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව අමාත්‍යවරයා පැවසුවා.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකරක බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

READ:   මිහින්තලයේ කැණීම් වලදී පුරාවස්තූන් රැසක් හමුවේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්