මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම අද උදෑසන අත්සන් කල බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළා.
ඒ අනුව වසර විස්සක කාලයක් සදහා සිනොපෙක් සමාගමට මෙරටට ඉන්ධන ආනයනය කිරිමට හා මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු ද සිනොපෙක් සමාගමට හිමි වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එමෙන්ම තවත් නවීන ඉන්ධනහල් 50 ක් මෙරට ඉදිකිරීමට සහ මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයටද ඔවුන් කටයුතු කරනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.



