Wednesday, April 15, 2026
Homeදේශීයසෝමාවතී පුදබිම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ඉර මුදුන් වෙයි..

සෝමාවතී පුදබිම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ඉර මුදුන් වෙයි..

අද දින (11) දහවල් 12:11 ට කල්පිටිය, දුනුපොතගම, නිකවැව, සෝමාවතී පුදබිම සහ වෙරුගල් යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   169,000ක ජනතාවගේ පානිය ජල අවශ්‍යතාව සපුරාලමින් “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්