අනවශ්‍ය ඉදිකිරීම් සිදු නොකර සංචාරකයින් වඩාත් කැමති ස්බාවිකත්වය රැකෙන ආකාරයට නුවරඑළිය නගරයේ සියලු කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා.
ඔහු මේ බව පැවසුවේ නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අද (10) නුවරඑළියේ දී පැවති විශේෂ සාකච්ඡාවක් අමතමින්.
අවිධිමත් ඉදිකිරීම නිසා බොහෝ දෙනා නුවරඑළිය නගරය කැත නගරයක් ලෙස හඳුන්වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම නුවරඑළිය ජනතාවගේ මුලික පහසුකම්වල ඇති අඩුපාඩු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
අධික උස ගොඩනැගිලි නුවරඑළිය නගරයට අනවශ්‍ය බවත් තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි තහනම් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී රැස්ව සිටි නිලධාරින් අමතමින් පැවසුවා.
අදාළ දර්ශන පහතින්,


