Sunday, April 19, 2026
Homeදේශීයඅවුරුද්දට ජනතාවට කුණු වික්ක පානදුර කඩ 10 කට නඩු

අවුරුද්දට ජනතාවට කුණු වික්ක පානදුර කඩ 10 කට නඩු

අලෙවි කිරීමට සූදානම් කර සිටි නුසුදුසු ආහාර තිබූ පානදුර නගරයේ වෙළඳසැල් 10කට නඩු පැවරීමට පානදුර සෞඛ්ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා.

එළඹෙන උත්සව සමයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදුකළ විශේෂ වැටලීමකදී ආහාරයට ගැනීමට නුසුදුසු අමු මස්, මාළු, පිසූ ආහාර, අපිරිසිදු ආහාර නිශ්පාදන සහ ලේබල් රෙගුලාසි උල්ලංඝනය කළ නිෂ්පාදන රැසක් හමු වූ බව වාර්තා වෙනවා.

පානදුර නගරයේ එවැනි වෙළඳසැල් 10 කට සෞඛ්ය නිලධාරි කාර්යාලය විසින් නඩු පැවරු බවත් තවත් වෙළඳසැල් හතරක නිෂ්පාදන පුළුස්සා විනාශ කිරීමට කටයුතු කළ බවත් වෙළඳසැල් 29කට අවවාද කර ඇති බවත් සඳහන්.

READ:   මණ්ඩතිවු දූපතත් ඉන්දියාවේ පර්යේෂණ මධ්‍යස්ථානයකට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්