Wednesday, July 22, 2026
Homeදේශීයගුවන්තොටුපළේ දී දුරකථනය සොරාගෙන බව කියු කාතාවේ ඇත්ත සිද්ධිය එළියට

ගුවන්තොටුපළේ දී දුරකථනය සොරාගෙන බව කියු කාතාවේ ඇත්ත සිද්ධිය එළියට

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ දී විදෙස් රටක සිට පැමිණි ලාංකිකයෙකුගේ දුරකථනයක් සොරාගෙන ඇති බවට සමාජ මාධ්‍යයේ සංස්කරණය වූ වීඩියෝව ගැන ගුවන් සේවා සමාගම විසින් අද (10) මාධ්‍යයට කරුණු දැක්වූවා.

එම පුද්ගලයා විසින් ප්‍රකාශ කරන සිද්ධියට අනුව කටුනායක ගුවන් තොටුපොළෙහි ආරක්ෂිත කැමරා පරික්ෂා කළ බවත් එහෙත් එවැනි කිසිදු සාක්ෂියක් එවායේ සටහන් නොවන බවත් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල්.ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවා.

සිද්ධියට මුහුණ දුන් තරුණයා මෙරටට පැමිණීමට පෙර මැදපෙරදිග ගුවන්තොටුපළක රැදී සිට ඇති අතර එහිදී එම ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක නීති රෙගුලාසි මත අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථන ගුවන්තොටුපළහි ආරක්ෂක අංශය භාරයට ගත් බව එම ගුවන් තොටුපළ විසින් තමන් වෙත ලිඛිතව දැනුම් දුන් බව කටුනායක ගුවන් තොටුපොළෙහි සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

දැනට වසර 05 ක කාලයත් තුළ කිසිඳු ගුවන් තොටුපළක එවැනි සොරකමක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වී නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අදාළ පුද්ගලයා විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබූ එම විඩියෝව පහතින්,

READ:   මිනිස් ජාවාරම් කරුවන් සොයා දිවයින පුරා වැටලීම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්