ආසියානු කුසලාන 2022 පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය ඉන්දියාව සමඟ අද (06) ආරම්භ වීමට නියමිතයි.
මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ඉන්දියාව පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තුන් වන ස්ථානයෙයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කළේ, අද තරඟය සඳහා අංක 3 පිතිකරු චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට ඇතැම් විට ඉඩ ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 07.30 ට ඩුබායිහිදී ආරම්භ වනවා.




