මීටර් සවිකර ඇති ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩි කිරීමට සඳහා අවධානය යොමු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ත්‍රීරෝද රථයේ මීටරය සවිකර මිල ප්‍රදර්ශනය කරමින් සාධාරණ ගාස්තු අයකරන ත්‍රීරෝධ රථ සඳහා මෙලෙස ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වැඩිකිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ලීටර් 5 ප්‍රමාණය ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමටත් වැඩි කරන ඉන්ධන ප්‍රමාණය තෝරාගත් ඉන්ධන පිරවුම්හලකින් ලබා ගැනීමටත් අවස්ථාව සලසන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යංශය හා පළාත් සභා මඟින් තොරතුරු එක්රැස් කර ගැනීමෙන් අනතුරුව මෙය ක්‍රියාත්මක කරන බව අද (06) පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.



