Wednesday, April 22, 2026
Homeදේශීයවැඩ කරනවා නම් කරන්න - බැරි නම් ගෙදර යන්න - ජනපති

වැඩ කරනවා නම් කරන්න – බැරි නම් ගෙදර යන්න – ජනපති

වැඩ කළ නොහැකි සියලුදෙනා රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණා.

රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් අලුත් දේශපාලන න්‍යායක් සහ ශිලාචාර දේශපාලන ගමනක් රටට අවශ්‍ය බවත් පැරණි දේශපාලන ක්‍රමය ජනාතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසන් බවත් ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර සිටියා.

බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අදාළ නිවේදනය පහතින්

READ:   ඩොලරය පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට පියවර ගන්නවා - නලින් ප්‍රනාන්දු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්