Friday, August 14, 2026
Homeදේශීයඋදව් කරන මුවාවෙන් A.T.M කාඩ්වලින් සල්ලි අදින අමුතුම ජාවාරමක්

උදව් කරන මුවාවෙන් A.T.M කාඩ්වලින් සල්ලි අදින අමුතුම ජාවාරමක්

ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් යොදාගෙන මුදල් සොරකම් කළ පුද්ගලයෙකු ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ් 15 ක් සමඟ නුගේගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයා වයස අවුරුදු 24ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඒ.ටී.එම් යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට සහය වන මුවාවෙන් රහස්‍ය අංකය ලබාගෙන තමන් සන්තකයේ තිබූ ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පතක් අදාළ පුද්ගලයාට ලබා දී අනතුරුව අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත හරහා මුදල් සොරකම් කිරීම සිදුකර ඇත.

සැකකරු අද (11) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   ඇෆ්ගනිස්ථානයෙන් දැවැන්ත ඉලක්කයක්. Gurbaz සුපිරි පිතිහරඹයක..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්