Saturday, April 18, 2026
HomeදේශීයWhatsApp තොරතුරු පවා ලබාගන්න අයිතියක් නව පනතින් පොලීසියට - නීතිඥ හිජාස් හිස්බුල්ලා

WhatsApp තොරතුරු පවා ලබාගන්න අයිතියක් නව පනතින් පොලීසියට – නීතිඥ හිජාස් හිස්බුල්ලා

ඉදිරිපත් කිරිමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත හරහා රහසිගත තොරතුරු හා වාර්තා, ලබා ගැනීමේ නීතිමය අයිතිය පොලීසියට හිමිවෙන බව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා පවසනවා.

ඒ අනුව වට්ස්ඇප් වැනි යෙදුම් හරහා සිදු කරන අතිශය රහසිගත දුරකථන ඇමතුම් ආදිය පිළබඳ තොරතුරු වෙනුවෙන් නියෝග ලබාගැනීමට පොලීසියට හැකියාව ලැබෙන බවයි ඒ මහතා පැවසුවේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බහුජන සංවිධාන සහ සිවිල් සංවිධාන රැසක් එකතුව ඊයේ (10) සංවිධානය කර තිබූ නියෝජිත හමුවක් අමතමනි.

පෞද්ගලික ඇමතුම් පවා ඉතාමත් රහසිගතව අහගෙන ඉන්න නීතිමය අයිතිය ලබා දෙන ඉතා භායනක පනතක් ලෙස ප්‍රතිත්‍රස්ත පනත හැදින්විය හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

READ:   ජීවන් කුමාරතුංග සහ වෙල්ගම පාඨලි සමඟ සන්ධාන ගත වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්