Friday, August 28, 2026
Homeදේශීයවැට් බදු සංශෝධනයට විරුද්ධව නිදහස් පක්ෂයේ ඡන්දය

වැට් බදු සංශෝධනයට විරුද්ධව නිදහස් පක්ෂයේ ඡන්දය

වැට් බදු සංශෝධන පනත කෙටුම්පතට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයාගේ අත්සනින් යුත් නිවේදනයකින් එම පක්ෂය ඒ බව ප්‍රකාශ කළා.

වැට් බදු සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත අද යළි විවාදයට ගැනීමට නියමිතයි.

නව කෙටුම්පතට අනුව මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 18% දක්වා ඉහළ යනවා.

ඒ අනුව මෙතෙක් බදු අය නොකළ සෞඛ්‍ය උපකරණ, ජලය විදුලිය ඛනිජ තෙල් ආහාර ද්‍රව්‍ය කෘෂි උපකරණ ඇතුළු භාණ්ඩ රැසකට බදු පැනවීමට යෝජනා වී තිබෙනවා.

READ:   ශ්‍රීලනිපය ප්‍රමුඛ නව සන්ධානයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්