කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ දී විදෙස් රටක සිට පැමිණි ලාංකිකයෙකුගේ දුරකථනයක් සොරාගෙන ඇති බවට සමාජ මාධ්‍යයේ සංස්කරණය වූ වීඩියෝව ගැන ගුවන් සේවා සමාගම විසින් අද (10) මාධ්‍යයට කරුණු දැක්වූවා.
එම පුද්ගලයා විසින් ප්‍රකාශ කරන සිද්ධියට අනුව කටුනායක ගුවන් තොටුපොළෙහි ආරක්ෂිත කැමරා පරික්ෂා කළ බවත් එහෙත් එවැනි කිසිදු සාක්ෂියක් එවායේ සටහන් නොවන බවත් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල්.ජී.ඒ.චන්ද්‍රසිරි පැවසුවා.
සිද්ධියට මුහුණ දුන් තරුණයා මෙරටට පැමිණීමට පෙර මැදපෙරදිග ගුවන්තොටුපළක රැදී සිට ඇති අතර එහිදී එම ගුවන් තොටුපළේ පවතින ආරක්ෂක නීති රෙගුලාසි මත අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථන ගුවන්තොටුපළහි ආරක්ෂක අංශය භාරයට ගත් බව එම ගුවන් තොටුපළ විසින් තමන් වෙත ලිඛිතව දැනුම් දුන් බව කටුනායක ගුවන් තොටුපොළෙහි සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.
දැනට වසර 05 ක කාලයත් තුළ කිසිඳු ගුවන් තොටුපළක එවැනි සොරකමක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක් වී නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අදාළ පුද්ගලයා විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබූ එම විඩියෝව පහතින්,
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…