දේශීය

ජවිපෙ සාකච්ඡාවට ගිය නිලධාරීන්ට ගහන්නේ IMF සාකච්ඡා කඩාකප්පල් කරන්නයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර වොෂින්ටන් නුවර දී ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඇරඹීමට පැය 48 ක් තිබිය දී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ට බර අවි ප්‍රහාරයක් එල්ල කරන්නේ කෙසේ හෝ ‘ වැඩසටහන කඩාකප්පල් කිරීමට තමන් සුදානම්බව පෙන්වීමට බව හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විපක්ෂය, ආණ්ඩුවට දේශපාලනික ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයකි. නමුත්, ලෝකයම බලාගෙන සිටින ලංකාවේ අනාගතය තීරණය කරන රැස්වීමකට වාඩිවන සාකච්ඡාකරුවන්ට කුමන්ත්‍රණ චෝදනා ඉල්ල කිරීම අවස්ථවාදී දේශපාලන ව්‍යවහාරයකි.

සඳුදා (අප්‍රේල් 10) දින වොෂින්ටන් හි දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඉහළම මට්ටමේ නිල සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. මුදල් අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ හා මහ බැංකු නිලධාරීන් මේ වන විට ඇමරිකාව බලා ගොස් ඇත. නිල සාකච්ඡා ඇරඹීමට පැය කිහිපයකට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එම සාකච්ඡාවට සහභාගිවන නිලධාරීන් (මුදල් ඇමති හා මහ බැංකු අධිපති) ට දේශපාලන වේදිකාවක දි ජවිපෙ කුමන්ත්‍රණ චෝදනා එල්ල කිරීම පුදුම සහගතය.

නන්දලාල් වීරසිංහ සහ ජවිපෙ අතර සුනිල් හඳුන්නෙත්ති හරහා හොඳ සම්බන්ධයක් අවබෝධයක් තිබුණි. මහ බැංකුවේ අධිපති ධූරය බාරගන්නට පෙරත්, ඉන් පසුව මාස ගණනාවක් යන තුරුත් එය එළෙසම පැවතුති. ආණ්ඩුවත් මහ බැංකුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ගිවිසුම අනුව මෙරටට මුදල් ලැබිමත් සමඟ එම තත්වය වෙනස්වී ඇත. දැන් ජවිපෙ ට, නන්දලාල් පෙනේනට බැරිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හෝ ඔහුගේ කැබිනට් මණ්ඩලයට විරුද්ධවීම දේශපාලනික ය. නමුත්, ආර්ථිකය ගොඩ දමමින්, කළමනාකරණය කරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනික බර අවි ප්‍රහාර එල්ල කිරීම පැහැදිලිවම කෙසේ හෝ නැවත රටේ මුල්‍ය අරාජිකත්වයක් ඇති කිරීමේ අරමුණින් සිදු කරන්නකි.
විශේෂයෙන්ම, එම සාකච්ඡාවට ලංකා රජය නියෝජනය කරන කණ්ඩායමට දේශපාලන වේදිකාවක චෝදනා කිරීම තුලින් ජවිපෙ පැහැදිලි පණිවුඩයක් වොෂින්ටනයට ලබාදී ඇත. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනක පිළිබඳ තෘප්තියක් නැති බව හා අවශ්‍ය නම් එය කඩාකප්පල් කිරීමට තමන් පසුබට නොවන බවය.

දැන් අයි.එම්.එෆ්. විරෝධය කර ගසා දෙන යන්නේ විමල් – ගම්මන්පිල කණ්ඩායම, ගෙවිඳු කුමාරතුංග කණ්ඩායම සහ ජවිපෙ පමණී. ආරම්භයේ සිටම විපක්ෂයේ විමල් ඇතුළු කණ්ඩායමට ලෝක බැංකුව, මුල්‍ය අරමුදල, ඇමරිකාව දුටුවිට කුමන්ත්‍රණ පෙනෙන්නේය. දැන් කාලයකට පසුව නැවත ජවිපෙට මුදල් ඇමති හා මහ බැංකු අධිපති පෙනෙන්නේ කුමන්ත්‍රණකරුවන් ලෙසිනි.

රටේම බලාපොරොත්තුව හෙට ඇරඹෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු විෂයන් 12 කින් සාකච්ඡා සාර්ථක වීමය. දුෂණ විරෝධී පනත ඇතුළු නව අණ පනත් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය දිනාගැනීම ය.

ජවිපෙ සිදු කරන්නේ එම සාකච්ඡාවට නායකත්වය ලබාදෙන නියෝජිතයින් ඉලක්ක කර පහරදීම ය.

මෙය ජනපතිට, ආණ්ඩුවට දේශපාලනිකව පහරදීමට වඩා අතිශයින් නරක හා විනාශකාරී පූර්වාදර්ශයකි.

රජිත් කීර්ති තෙන්නකෝන්

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago