දේශීය

පිරමීඩ යෝජනා ක්‍රියාත්මක කළ ආයතන රැසකට විරුද්ධව නීතිමය පියවර

පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආයතන කිහිපයකට විරුද්ධව නීතිමය පියවර ගැනීමට මහ බැංකුව කටයතු කර තිබෙනවා.

ඒ පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කළ නිවේදනය පහතින්,

විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම පිළිබඳ මහජනතාව වෙත කරනු ලබන දැනුම් දීමයි.
1988 අංක 30 දරණ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝණය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන බවට මහජන පැමිණිලි විශාල ප්‍රමාණයක් මහ බැංකුව වෙත ලැබී ඇත.
ඒ අනුව පහත ආයතන 3 සහ ඊට සම්බන්ධ පාර්ශ්වයන් විසින් බැංකු පනතේ 83 ඇ වගන්තියට පටහැනිව ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ විමර්ශනයක් සිදු කරන ලදී.
Fast 3 Cycle International Pvt Ltd,
Sport Chain App, Sport Chain ZS Society Srilanka
Onmax DT
මෙම විමර්ශන වාර්තාවන්ට අනුව ඉහත සඳහන් ආයතන තුන සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83 ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බව තීරණය කරන ලදී.
ඒ අනුව බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස ගරු නීතිපතිවරයා වෙත ඉල්ලීමක් යොමු කර ඇත.


• ශ්‍රී ලංකා මහ බැංකුව

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

5 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

5 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

5 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

6 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

7 hours ago