ලිස්ටීරියා රෝගය සම්බන්ධයෙන් මේ දක්වා අවදානම් තත්ත්වයක් පැන නැගී නොමැති බව ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.
වෛද්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන් මේ පිළිබඳව අධ්‍යයනයන් සහ අවශ්‍ය පරීක්ෂණ කටයුතුවල නිරතව සිටින බව ය.
මේ වනවිට මෙරටින් ලිස්ටීරියා රෝගය වැළඳුණු එක් රෝගියෙකු පමණක් මිය ගොස් ඇති බව ත් තව ත් රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇති නමුත් ඔවුන් ලිස්ටීරියා රෝගීන් බව මෙතෙක් තහවුරු වී නොමැති බව නවීන් ද සොයිසා මහතා කියා සිටියේ ය.
වෛද්‍යවරයා ප්‍රකාශ කළේ, ආහාර හරහා ලිස්ටීරියා රෝගය වැළඳිය හැකි බව ත් රෝග ලක්ෂණ ලෙස පාචනය, බඩේ අමාරුව, උණ, හිසරදය ඇති විය හැකි අතර අත් සේදීම, අහාර පිළියෙළ කිරීමේදී පිළිපැදිය යුතු නිවැරදි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමන කිරීමෙන් මෙම රෝගයෙන් වැළැකී සිටිය හැකි බව ය.
මෙම සිදුවීම ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව සිදු වන බවට සමාජ මාධ්‍ය ජාල හරහා පුවත් සංසරණය වෙමින් පවතින අතර එම ස්ථානය ආශ්‍රිතව අධ්‍යයනය කටයුතු සිදු වෙමින් තිබෙන බව ද වෛද්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.
උපුටා ගැනීම – මව් බිම පුවත් පත
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…