Wednesday, April 15, 2026
Homeදේශීයjvp එකෙකුටවත් ගමට එන්න දෙන්න එපා - පා.ම. රෝහන බංඩාර (VIDEO)

jvp එකෙකුටවත් ගමට එන්න දෙන්න එපා – පා.ම. රෝහන බංඩාර (VIDEO)

ජවිපෙ කිසිවෙකුට ඡන්දය ඉල්ලීමට ගමට පැමිණීමට ඉඩ නොදිය යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බංඩාර පවසනවා.

සමගි ජන බලවේගයේ යකල්ල කොට්ඨාසයේ ඊයේ (15) පැවැති පාක්ෂික හමුවක් අමතමින් එතුමා මේ බව ප්‍රකාශ කළා.

පා.ම. රෝහණ බණ්ඩාර මහතා එහිදි දැක්වූ අදහස්

” අනුර කුමාර ජනතාව නොමග යවනවා..⁣ jvp එකෙකුටවත් ගමට එන්න දෙන්න එපා. මෙවුන් ගමට ගන්නවා කියන්නේ හාමුදුරුවෝ දානයකට ගෙනවා වගේ
හැමදේම ⁣ගෙනියනවා,ඉල්ලනවා.හැමදේම දෙන්න ඔනේ. අපේ නායකයා සජිත් එහේම නෑ. ගමට එනකොට මොනවා හරි අරන් ඒනේ.පාසලට ගියත් , පන්සලට,රොහලට ගියත් මොනවා හරි අරන් යන්නේ.රැ දහවල් නොබලා වැඩකරලා නිවාස 100 ගනන් හැදුවා.වෙන විපක්ෂ නායකයන් වගේ නෙමෙයි.jvp එකට මොනවාද කරන්න පුලුවන් උනේ , මොනවාද කරන්න පුලුවන් කියවන්න නම් දක්ෂයි.කරන්න බෑ.ඒ හින්දා මේ අම්මා තාත්තා ගෙදර ගිහින් දරුවන්ට කියන්න , මතක් කරලා දෙන්න 88/89 අතිතය.ආපහු ඒ යුගයක් ලගා කර ගන්න එපා.jvp එක 2004 මොන තරම් අමාත්‍යංශ කරා ද?..මොන ද කලේ.

READ:   පොහොට්ටුව මංගල ජන රැළිය අවලංගු කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්