මැතිවරණයක් වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහතා පවසනවා.
ආණ්ඩුව ඡන්දය සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කරමින් ඡන්දය වැළැක්වීම සඳහා විවිධ උත්සහයන් රාශියක් ගත් බව එතුමා පෙන්වා දෙනවා.
ඡන්දය වැළැක්වීම වෙනුවන් ආණ්ඩුව ගෙන ගිය සියලු උත්සහයන් අසාර්ථක වූ පසු ඡන්දය නැවැත්වීම සඳහා ආණ්ඩුව අධිකරණය වෙතට යෑම ආණ්ඩුවක් විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කළ දෙයක් බව එතුමා පවසනවා.
මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර, තැපැල් ඡන්දය පැවැත්වීම සඳහා දින ද නියම කර, භාගයට භාගයක් ඡන්දය සඳහා වියදම් කළ පසු, ආණ්ඩුව විසින් ඡන්දය නැවැත්වීමට කටයුතු කිරීම ආර්ථික දුශ්කරතා රැසක් තියෙන අවස්ථාවක කරන විශාල විනාශයක් බව එතුමා පෙන්වා දෙනවා.
ඡන්දය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව පවසන ජනාධිපතිවරයා රුපියල් කෝටි 35 ක් වියදම් කර නිදහස් දිනයක් සමරන්නේ කෙලෙසදැයි එතුමා ප්‍රශ්න කර සිටියා.
නිදහස් දිනය දා ජනාධිපතිවරයා පවත්වන කතාවේ දී එතුමා රටේ ජනතාවට ප්‍රකාශ කරන්නේ කුමක්දැයි, ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිනවා.
එම විඩියෝව පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…