Monday, April 20, 2026
Homeදේශීයමැතිවරණය නවත්වන්න රනිල්ට කිසිම අයිතියක් නෑ! - ටිල්වින් සිල්වා (VIDEO)

මැතිවරණය නවත්වන්න රනිල්ට කිසිම අයිතියක් නෑ! – ටිල්වින් සිල්වා (VIDEO)

මැතිවරණයක් වැළැක්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ආණ්ඩුව ඡන්දය සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කරමින් ඡන්දය වැළැක්වීම සඳහා විවිධ උත්සහයන් රාශියක් ගත් බව එතුමා පෙන්වා දෙනවා.

ඡන්දය වැළැක්වීම වෙනුවන් ආණ්ඩුව ගෙන ගිය සියලු උත්සහයන් අසාර්ථක වූ පසු ඡන්දය නැවැත්වීම සඳහා ආණ්ඩුව අධිකරණය වෙතට යෑම ආණ්ඩුවක් විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කළ දෙයක් බව එතුමා පවසනවා.

මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර, තැපැල් ඡන්දය පැවැත්වීම සඳහා දින ද නියම කර, භාගයට භාගයක් ඡන්දය සඳහා වියදම් කළ පසු, ආණ්ඩුව විසින් ඡන්දය නැවැත්වීමට කටයුතු කිරීම ආර්ථික දුශ්කරතා රැසක් තියෙන අවස්ථාවක කරන විශාල විනාශයක් බව එතුමා පෙන්වා දෙනවා.

ඡන්දය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව පවසන ජනාධිපතිවරයා රුපියල් කෝටි 35 ක් වියදම් කර නිදහස් දිනයක් සමරන්නේ කෙලෙසදැයි එතුමා ප්‍රශ්න කර සිටියා.

නිදහස් දිනය දා ජනාධිපතිවරයා පවත්වන කතාවේ දී එතුමා රටේ ජනතාවට ප්‍රකාශ කරන්නේ කුමක්දැයි, ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටිනවා.

එම විඩියෝව පහතින්,

READ:   යුපුන් අබේකෝන්ට MRI පරීක්ෂණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්