පවතින විදුලි කප්පාදුවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වගකිවයුතු බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා තිබෙනවා. එනිසා ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ ප්‍රතිපාදන අනුව කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ.
මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ ලිපිය සභාපතිවරයා පෞද්ගලිකව යොමු කළ ලිපියක් බවත් අනෙක් සමාජිකයින් දැනුවත් කර නැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සෑම විටම තම පෞද්ගලික මතය ප්‍රකාශ කර ඇති බවත් කොමිසමේ මතය ප්‍රකාශ කර නැති බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා තනතුරින් ඉවත්කිරීම සඳහා අවශ්‍ය චෝදනා පත්‍රය සකස් කරමින් ඇති බවත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාගේ එකඟතාවය ලැබී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ සිදුවන විදුලි කප්පාදුව ගැන දැනුවත් කිරීමට බලශක්ති අමාත්‍යවරයා විසින් මෙම මාධ්‍යහමුව කැඳවූ බව සඳහන්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…