දේශීය

ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක තරඟය අද

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් දෙවන තරඟය අද (12) ඉන්දියාවේ කල්කටා ඊඩ්න් ගාඩ්න් පිටියේදී ආරම්භ වෙනවා.

දෙරට අතර පළමු තරඟය ලකුණු 67 කින් ඉන්දියාව ජයගැනීම නිසා ඉන්දියාව මේ වන විටත් 1-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ අනුව තවදුරටත් තරඟාවලියේ රැදී සිටීමට නම් ශ්‍රී ලංකාව අද තරඟය ජය ගෙන 1-1 ක් ලෙස සම තත්වයට පැමිණීම අනිවාර්ය වෙනවා.

අද පිටිය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ක්‍රීඩා පිටියක් වන අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 8 කට සහභාගි වී ඉන් තරඟ 3 ක් ජයගෙන ඇති අතර එක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබෙනවා.

අද තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago