Wednesday, July 22, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක තරඟය අද

ශ්‍රී ලංකා ඉන්දියා තීරණාත්මක තරඟය අද

තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවට අතිශය වැදගත් දෙවන තරඟය අද (12) ඉන්දියාවේ කල්කටා ඊඩ්න් ගාඩ්න් පිටියේදී ආරම්භ වෙනවා.

දෙරට අතර පළමු තරඟය ලකුණු 67 කින් ඉන්දියාව ජයගැනීම නිසා ඉන්දියාව මේ වන විටත් 1-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ අනුව තවදුරටත් තරඟාවලියේ රැදී සිටීමට නම් ශ්‍රී ලංකාව අද තරඟය ජය ගෙන 1-1 ක් ලෙස සම තත්වයට පැමිණීම අනිවාර්ය වෙනවා.

අද පිටිය පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ක්‍රීඩා පිටියක් වන අතර ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 8 කට සහභාගි වී ඉන් තරඟ 3 ක් ජයගෙන ඇති අතර එක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබෙනවා.

අද තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

READ:   ලෝක කුසලාන කටේ බංග්ලාදේශයට ප්‍රබලයෙකු අහිමිවෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්