Wednesday, July 22, 2026
Homeක්‍රීඩාඉන්දියාවට ලකුණු 67ක ජයක් , දසුන්ගෙන් සුපිරි ශතකයක්!

ඉන්දියාවට ලකුණු 67ක ජයක් , දසුන්ගෙන් සුපිරි ශතකයක්!

ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය අද (10) පැවැත්වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 373 ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි ලකණු – 113 ක්, රෝහිත් ෂර්මා ලකුණු – 83 ක්, Shubman Gill ලකුණු 70 ක් ක්වශයෙන් රැස් කළා.

ලකණු 374 ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවි රැස් කරගත හැකිවුයේ ලකුණු 306 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 72 ක්, ධනංජය ද සිල්වා ලකුණු 47ක් සහ හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 88 ක් තුළ දී ලකණු 108 ක් වශයෙන් ලබා ගත්තා.

ඒ අනුව එක්දින තරගාවලියේ පළමු එක්දින තරඟය ලකුණු 67 කින් ජය ගැනීමට ඉන්දියාව අද සමත් වුණා.

READ:   BREAKING- ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භ කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්