Monday, July 27, 2026
Homeදේශීයසේපාල අමරසිංහ යළි රිමාන්ඩ්

සේපාල අමරසිංහ යළි රිමාන්ඩ්

මහනුවර ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් නිකුත් කළ බවට චෝදනා ලැබ සිටින සේපාල් අමරසිංහ යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට සැකපිට පසුගිය 05 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සේපාල අමරසිංහ යන අය අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට ගත් සේපාල අමරසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග ලබා දී තිබුණා.

අද (10) සේපාල අමරසිංහ යන අය අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ලබන 17 වන දා දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ජනතාව ගොන්නු යැයි සිතා සමහර දේශපාලකයින් ජනතාව අන්ඳනවා - ඩිලාන් පෙරේරා (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්