පාසැල් දරුවන් තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පෙනි සිටින උසස්පෙළ විභාගය අවුල් කිරීමට කිසිවෙකුට ඉඩ ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
සියලු විභාගයන් ප්‍රදේශීයව අවහිරයක් නැතුව පවත්වා ගෙන යෑමට දිසාපතිවරු අවදියෙන් සිටිය යුතු බව එතුමා පෙන්වා දෙනවා.
අගමැතිවරයා ද්ස්ත්‍රීක් ලේකම්වරු සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා..
නොබෝ දිනකින් අපේ උසස්පෙළ විභාගය තිබෙනවා. කිසිම විභාගයක් ප්‍රාදේශීයව අවහිර නොවී පවත්වාගෙන යාම පිළිබඳව දිසාපතිවරුන් අවදියෙන් සිටිය යුතුයි. ඔබතුමාලට අයිති නැහැ විභාග කොමසාරිස්ටයි අයිතිකියලා ඉන්න බැහැ. විභාග කොමසාරිස් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා හෝ ඒ පිළිබඳ කටයුතු කරන්න. විභාගය අවුල් කරන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. ගුරුවරු දහස් ගණනක් එහි සේවාවට අනුයුක්ත කර තිබෙනවා. විභාග තියෙන්නෙ මේ මාසේ සිට එන මාසේ තුන්වැනි සතිය දක්වා. ඔබේ දරුවෝත් ඉන්න පුළුවන්. ජනතාවගේ දරුවෝ ලක්ෂ ගණනක් මේ විභාගයට පෙනී සිටිනවා. මේ වාරය කඩාකප්පල් වුනොත් තව අවුරුද්දකට විශ්වවිද්‍යාලයට යන්න බැහැ. ඒ අපරාධයට හවුල් වෙන්න එපා. ප්‍රශ්ණයක් තියේ නම් අපිට වාර්තා කරන්න. අපේ දරුවන් වෙනුවෙන් මේ විභාගය තියෙන්නෙ දැනටමත් ප්‍රමාද වෙලා. ඒ අයගේ ඉල්ලීම නිසයි ප්‍රමාද කළේ. අපේ රජය ගුරුවරුන්ගේ වැටුප් වර්ධක අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීලා තියෙනවා. උහුලන්නට බැරි බරක් වුනත් අවුරුදු ගණනාවකට පස්සේ අපි එය ලබා දුන්නා. අපි අධ්‍යාපන සේවයට අවශ්‍ය මූලික ඉල්ලීම් ඉෂ්ට කරලා නැහැ කියලා ඒ කිසිම කෙනෙක්ට කියන්න බැහැ.


