Sunday, April 19, 2026
Homeදේශීයරාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දුෂ්කරතාවයක් - සමෘද්ධිය ප්‍රමාද වෙයි

රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දුෂ්කරතාවයක් – සමෘද්ධිය ප්‍රමාද වෙයි

ජනවාරි සහ පෙබරවාරි මාස වල රජයේ සේවක වැටුප් ගෙවීම දුෂ්කර තත්වයකට පත්ව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව ඒ මහතා පැවසුවා. ඒ හේතුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාස වල රජයේ සේවක වැටුප් ගෙවීම දුෂ්කර තත්වයකට පත්වීම නිසා සමෘද්ධි සහනාධාරය සති දෙකකට පමණ ප්‍රමාද විය හැකි බව කැබිනට් තීරණ දැනුම්දීමේදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

READ:   රථවාහන ආදායම් බලපත්‍රය ගෙදර ඉඳන් ගන්න ක්‍රමයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්