Tuesday, September 8, 2026
Homeදේශීයතීරුබදු නැතුව බඩු ගන්න සාප්පු 31ක් කටුනායකට

තීරුබදු නැතුව බඩු ගන්න සාප්පු 31ක් කටුනායකට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය දෙවන මහලට ගෙන ගොස් ඒ තුළ සාප්පු 31 ක් සාදා නිමකර ඇති බව වාර්තා වෙනවා.

මෙරටට පැමිණෙන මඟීන් ආගමන විගමන කටයුතු නිමා කිරීමෙන් පසු මෙම දෙවන මාලයට පිවිස අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව මෙමගින් ලබා දී තිබෙනවා.

අදාළ සාප්පු ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 225ක් වැය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

READ:   පනත් කෙටුම්පතක් සම්මතයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්