Friday, April 17, 2026
Homeදේශීයජනවාරි 01 සිට විදුලි බිල වැඩිවෙයි!

ජනවාරි 01 සිට විදුලි බිල වැඩිවෙයි!

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා දැනට පවතින විදුලි ගාස්තුව සංශෝධනය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අද කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කළා.

ඒ අනුව

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සොයා බලා මේ මස 15 වනදා ට පෙර අදාළ ගාස්තු සංශෝධනය ඉදිරිපත් කිරීම.

එතෙක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2023 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි යෝජනා කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.

පෙර කී ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පිලියමක් වශයෙන් නව විදුලි ගාස්තු සංශෝධනයක් ඉදිරිපත් කළොත් විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි මාසික විදුලි බිල්පත් මගින් අවශ්‍ය ගැලපීම කිරීම.

යන කාරණා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   ආයුර්වේද පනත සංශෝධනයට පියවර..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්