Wednesday, June 3, 2026
Homeදේශීයඅවුරුදු 5ට අඩු දරුවන් රැසකට මන්දපෝෂණය

අවුරුදු 5ට අඩු දරුවන් රැසකට මන්දපෝෂණය

රත්නපුර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 5ට අඩු දරුවන් 1336ක් තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වෙලේබොඩ මහතා පවසනවා.

මෙම දරුවන් ගැන තොරතුරු සෞඛ්‍ය අංශවලින් තහවුරු කර ඇති බව පැවසු එතුමා රක්තහීනතාවය ( ලේ හිඟ කමින් ) පොළෙන ගැබිනි මව්වරුන් 4351ක් මේවන විට රත්නපුර දිස්ත්‍රික්කය තුළ හඳුනා ගෙන ඇති බව ප්‍රකාශ කර සිටිනවා.

තීව්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් රත්නපුර ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හඳුනා ගෙන ඇති අතර එම දරුවන් සංඛ්‍යාව 315 ක් වෙනවා.

මීට අමතරව රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් මන්දපෝෂිත දරුවන් 148 දෙනකුද  කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 121 දෙනකුද පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 105 දෙනකද කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන්  98 දෙනකුද නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 87 දෙනකුද ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 83  දෙනෙකුද ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 66 දෙනකුද අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන් 63 දෙනකුද බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දරුවන්  පනස් දෙදෙනෙකුද හමුවී ඇති බව ගාමිණී වලේබොඩ මහතා  සඳහන් කළේය.

මූලාශ්‍රය – දිවයින පුවත්පත

READ:   ජී.එල්.පීරිස් පොහොට්ටුවේ සභාපති ධූරයෙන් ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්