Sunday, May 31, 2026
Homeදේශීයතිළිණි පියුමාලි පොතක් ලියයි (VIDEO)

තිළිණි පියුමාලි පොතක් ලියයි (VIDEO)

සිය අත්දැකීම් එකතුකර පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බව මූල්‍ය වංචා සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිළිණි පියුමාලි ප්‍රකාශ කර සිටිනවා.

තමන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී බන්ධනාගාරය තුළ සිටින අය ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණු බවත් එමඟින් ලබාගත් අත්දැකීම් එකතු කර මේ වන විට තමන්ගේම පොතක් රචානා කිරීම ආරම්භ කර ඇති බවත් තිළිණි පියුමාලි ප්‍රකාශ කරනවා.

මුදල් වංචාවක් සිදු කර නැති නිසා දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට නිදහස ලැබිය යුතු බව තමන් අදහස් කරන බව ඇය ප්‍රකාශ කළා.

තමන්ට එල්ලවී ඇති චෝදනා වන් වැරදි යන්න ඔප්පු වන තෙක් තමන් බලා සිටින බව ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අදාළ විඩියෝව පහතින්,

READ:   ජනපති චීනෙට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්