සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාරදී තිබේ.
ඒ , සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන විසින්.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ සමගි ජන බලවේගයයි.
ඒ , වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණුවලට එරෙහිවයි.


