නැවතත් රට තුළ අරගල කිරීමට පැමිණියොත් හමුදාව සහ හදිසි නීතිය යොදා එම තත්වය පාලනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) පාර්ලිමේන්තු අමතමින්.
අරගලය තුළදී මන්ත්‍රීවරයෙකූ අමු අමුවේ මහපාර තුළ ඝාතනය කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයා පැවසුවා.
මන්ත්‍රීවරුන් 296 ක් අහසින් වැටුණු අය නොවන බවත් ඔවුන් මහජනතාව විසින් ඡන්දයෙන් තෝරාපත් කළ අයම වෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
පූනි 09 වනදා හිටපු ජනාධිපතිවරයා එළවාදමා ජනාධිපති කාර්යාලයට විශාල හානි රැසක් අරගලකරුවන් විසින් සිදු කළ බවත් තමාටද සිය නිවසින් ඉවත්වෙන ලෙස දැනුම් දුන් බව ජනාධිපතිවරයා පැවසුවා. පසුව පාර්ලිමේන්තුව ද අල්ලාගැනීමට ද අරගලකරුවන් පැමිණි බව එතුමා පෙන්වා දෙනවා.
17,19 ,22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පාර්ලිමේන්තුවට ගෙන එමින් හදිසි නීතිය යොදවමින් තමන් ඒකාධිපති පාලකයෙක් ලෙස රට තුළ කටයුතු කරන බවට තමාගේ චරිතය මාධ්‍යය හුවා දක්වා ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
එදා සමහරුන් බෞද්ධ භික්ෂුවට, හින්දු, මුස්ලිම් ආගමික නායකයන්ට පවා බලපෑම් කළ බව පැවසූ ජනාධිපතිවරයා ඕනතරම් රැස්වීම් විරෝධතා බලපත්‍ර ලබාගෙන පැවැත්විය හැකි බව පැවසුවා. එසේ නොකර නැවත ආණ්ඩුව වෙනස් කිරීමට අරගලයක් සිදු කිරීමට පැමිණියොත් හමුදාව සහ හදිසි නීතිය යොදා එය වැළැක්වීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
එම විඩියෝව පහතින්,


