ශ්‍රී ලංකාව මහා විනාශයක ගිලෙමින් පවතින බවත් කිසිවෙකු ඒ බව තේරුම් ගෙන කටයුතු නොකරන බවත් මාධ්‍යවේදි වික්ටර් අයිවන් මහතා පවසනවා.
මහජනතාව , විශ්ව විද්‍යාල, ආර්ථික විශේෂඥයින් ඇතුළු මෙරට සියලු දෙනා ප්‍රබුද්ධ තත්වයක සිටියා නම් අද මෙවැනි අර්බුදයක් ඇති නොවන බව එතුමා ප්‍රකාශ කළා.
එදා අපිටත් වඩා ලොකු ගෙවුම් ශේෂ අර්බුදයක් කරා ඉන්දියාව ගමන් කරමින් සිටියදී එවකට අගමැති නරසිංහ රාහූ දේශපාලනයෙන් පිට සිටි මනමෝහන් සින්ග් සමගින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කළ බවත් එරට සියලු පක්ෂ එකතු වී සින්ග්ගේ ආර්ථික වැඩසටහනට උදව් කළ බවත් එතුමා පැවසුවා. එහෙත් මෙරට ආණ්ඩුව , විපක්ෂය ආදී සියලු දෙනා එලෙස එකතු වීමට අද අසමත් වී ඇති බව එතුමා පෙන්වා දෙනවා.
අවබෝධයක් ඇති අයට මෙම අවුල කොතනින් කෙළවර වේද යන්න සිතාගත නොහැකි තත්වයකට පත්ව ඇති බව වික්ටර් අයිවන් මහතා පවසනවා.
ජනතාවගේ පීඩනය දුක් ගැහැට වැඩි වීම නිසා හිටපු ජනපතිට ධූරයෙන් ඉවත්ව යෑම මෙරට සිදුවු අසාමාන්‍ය සිදුවීමක් බව එතුමා පෙන්වා දෙනවා. එහෙත් ජනතාව පාරට පැමිණිම තුළින් ආණ්ඩු පෙරළිය හැකි යැයි මහජනතාව සහ දේශපාලකයන් සිතීම මුලාවක් බව එතුමා ප්‍රකාශ කළා.
පාරට පැමිණ බලපෑම් සිදු කළ හැකි බව සත්‍යයක් උනත් පාරට පැමිණ ආණ්ඩුවක් එළවීම හරහා නව ආණ්ඩුවක් පත් කර ගැනීම, සිදු කිරීමට නොහැකි සහ විධිමත් පිළිවෙලක් නොවන බව එතුමා අවධාරණය කර සිටිනවා.
සම්පූර්ණ විස්තරය සහිත විඩියෝව පහතින්,


