Wednesday, April 15, 2026
Homeදේශීයසභාපතිකම් අත් නාරින කට්ටිය ගැන, ක්‍රීඩා ඇමති අමරිකානු තානාපතිනියට කියයි

සභාපතිකම් අත් නාරින කට්ටිය ගැන, ක්‍රීඩා ඇමති අමරිකානු තානාපතිනියට කියයි

ශ්‍රී ලංකාවේ අ‌මෙරිකා එක්සත් ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර හමුවක් ඊයේ (23) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය.


මෙහි දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වල හැසිරීම සහ ක්‍රියාකලාපයන් පිළිඹදව සාකච්ඡා විය, විශේෂයෙන්ම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය සඳහා දේශපාලන අත පෙවීම් සිදුවේ ද නැද්ද යන්න පිළිබඳව ඇමරිකානු තා නාපතිතුමිය අමාත්‍යවරයාගෙන් විමසා සිටියාය.
එහිදී රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පැවසූවේ ක්‍රීඩා සංගම්වල බොහෝ ගැටළු ඇති බවකි. විශේෂයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ( IOC) සභාපතිවරුන්ගේ ධූර කාල පිළිබදවත් ඇමතිවරයා සඳහන් කළේය. ඇතැම් සභාපතිවරුන්ගේ ධූර කාලයන් වසර 20 ගණන් දීර්ඝ වන බවත් මේවා සම්බන්ධයෙන් කතා කොට විසඳීමට උත්සාහ කළ විට ඒවා දේශපාලන බලපෑම් ලෙස හුවා දක්වමින් ඔලිම්පික් කමිටුවලට ලියා දන්වන බවත් පැවසීය.


එහිදී තානාපතිවරිය අවධාරණය කළේ අමාත්‍යවරයාට සෘජුව ඒවා සොයා බැලීමට අවස්ථාවක් හා අයිතියක් ඇති බවත් ඉදිරියේදීත් මෙවැනි අක්‍රමිකතා සොයා බලා ඒවා වළක්වා ගැනීමට සෘජුව මැදිහත් වන ලෙසය. මෙරට ක්‍රීඩා කටයුතු සංවර්ධනය හා ප්‍රවර්ධනය වෙනුවෙන් ලැබෙන විදේශාධාර සම්බන්ධයෙන් විනිවිදබවක් තබාගෙන කටයුතු කිරීමේ වැදගත්කමද තානාපතිවරිය අවධාරණය කළාය.


මෙම හමුවේ දී අමාත්‍යවරයා විශේෂයෙන්ම, මෙරට තරුණ සංවර්ධනය සඳහා US AID හා You Lead වැඩසටහන්හි හැකි උපරිම දායකත්වය ලබාදෙන ලෙසත්, ඒ හරහා තරුණ ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට අවශ්‍ය අමෙරිකානු රජයේ සහයෝගය ඉල්ලා සිටීමට අමතක නොකළේය. මෙම අවස්ථාවට සහභාගී වූ ජාතික තරුණසේවා සභාවේ සභාපති තිරාන් සිල්වා මහතාද ජාතික තරුණසේවා සභාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් සැකසූ තුන් අවුරුදු සැලැස්ම පිළිබදවද තානාපතිවරයට පැහැදිලි කළ අතර ඔවුන්ගේ සහයෝගය මෙරට තාරුණ්‍යයට ලබාදෙන ලෙසත් ඉල්ලීය.

එම ඉල්ලීම් වලට එකඟත්වය ලබාදුන් තානාපතතිතුමිය, ඒ සම්බන්ධව කටයුතු කිරීමට කැමැත්ත පළ කළාය.


මෙම අවස්ථාව හා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සමඟ තානාපති කාර්යාලයේ නිළධාරීන් කිහිපදෙනෙක්ද, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග, ලේකම් සුජානි බෝගොල්ලාගම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා ඇතුළු නිළධාරී මහත්ම මහත්මීහු පිරිසක් එක්වූහ.

READ:   කළුතර ළමුන් 16ක් අතවර කළ බවට සැක කරන සංඛ ටියුෂන් ගුරු අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්