සංස්කෘතික අරමුදලේ රුපියල් ලක්ෂ 3000 කට අධික මුදලක් විපක්ෂ නායකවරයා විසින් නිතීයානූකූල නොවන ආකාරයට අවභාවිත කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (19) පාර්ලිමේන්තුව තුළදී අනාවරණය කර සිටියා. ඒ බව විගණන වාර්තාවකින් හෙළිවී ඇති බව ඇය පෙන්වා දෙනවා.
සංස්කෘතික අරමුදලේ මුදල් නීතියානූකූල නොවන ආකාරයට විපක්ෂ නායකවරයා විසින් භාවිත කර ඇති බවත් ඉතුරු මුදල් වලට සිදුවූ දෙයක් මෙතෙක් දැනගැනීමට තොරතුරක් නොමැති බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දෙමින් එතුමිය ඒ බව අවධාරණය කර සිටියා.
මේ රටේ සොරකම් සිදුවූයේ එක පාර්ශවයකින් නොව සියලු පාර්ශ්වයන්ගෙන් බවත් රජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ දෙනා ද හොරකමට සම්බන්ධ බව එතුමිය ප්‍රකාශ කළා.
කොප් සහ කෝපා කමිටු වලින් ද සොරකම් කළ අය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පැවසු එතුමිය විනිවිද සාධාරණ පරීක්ෂණ තුළින් සොරුන්ට දඩුවම් දිය යුතු බව අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…