දේශීය

සංස්කෘතික අරමුදලේ ලක්ෂ 3000ක් අවභාවිතයි – අමාත්‍ය ඩයනා ගමගේ

සංස්කෘතික අරමුදලේ රුපියල් ලක්ෂ 3000 කට අධික මුදලක් විපක්ෂ නායකවරයා විසින් නිතීයානූකූල නොවන ආකාරයට අවභාවිත කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (19) පාර්ලිමේන්තුව තුළදී අනාවරණය කර සිටියා. ඒ බව විගණන වාර්තාවකින් හෙළිවී ඇති බව ඇය පෙන්වා දෙනවා.

සංස්කෘතික අරමුදලේ මුදල් නීතියානූකූල නොවන ආකාරයට විපක්ෂ නායකවරයා විසින් භාවිත කර ඇති බවත් ඉතුරු මුදල් වලට සිදුවූ දෙයක් මෙතෙක් දැනගැනීමට තොරතුරක් නොමැති බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දෙමින් එතුමිය ඒ බව අවධාරණය කර සිටියා.

මේ රටේ සොරකම් සිදුවූයේ එක පාර්ශවයකින් නොව සියලු පාර්ශ්වයන්ගෙන් බවත් රජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ දෙනා ද හොරකමට සම්බන්ධ බව එතුමිය ප්‍රකාශ කළා.

කොප් සහ කෝපා කමිටු වලින් ද සොරකම් කළ අය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පැවසු එතුමිය විනිවිද සාධාරණ පරීක්ෂණ තුළින් සොරුන්ට දඩුවම් දිය යුතු බව අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago