Monday, April 20, 2026
Homeදේශීයසංස්කෘතික අරමුදලේ ලක්ෂ 3000ක් අවභාවිතයි - අමාත්‍ය ඩයනා ගමගේ

සංස්කෘතික අරමුදලේ ලක්ෂ 3000ක් අවභාවිතයි – අමාත්‍ය ඩයනා ගමගේ

සංස්කෘතික අරමුදලේ රුපියල් ලක්ෂ 3000 කට අධික මුදලක් විපක්ෂ නායකවරයා විසින් නිතීයානූකූල නොවන ආකාරයට අවභාවිත කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (19) පාර්ලිමේන්තුව තුළදී අනාවරණය කර සිටියා. ඒ බව විගණන වාර්තාවකින් හෙළිවී ඇති බව ඇය පෙන්වා දෙනවා.

සංස්කෘතික අරමුදලේ මුදල් නීතියානූකූල නොවන ආකාරයට විපක්ෂ නායකවරයා විසින් භාවිත කර ඇති බවත් ඉතුරු මුදල් වලට සිදුවූ දෙයක් මෙතෙක් දැනගැනීමට තොරතුරක් නොමැති බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලබා දෙමින් එතුමිය ඒ බව අවධාරණය කර සිටියා.

මේ රටේ සොරකම් සිදුවූයේ එක පාර්ශවයකින් නොව සියලු පාර්ශ්වයන්ගෙන් බවත් රජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ දෙනා ද හොරකමට සම්බන්ධ බව එතුමිය ප්‍රකාශ කළා.

කොප් සහ කෝපා කමිටු වලින් ද සොරකම් කළ අය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව පැවසු එතුමිය විනිවිද සාධාරණ පරීක්ෂණ තුළින් සොරුන්ට දඩුවම් දිය යුතු බව අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.

READ:   ඩයනාගේ සිද්ධිය ගැන අලුත්තෙන් ලියවුණු වාර්තාව පිටුපස අදෘශ්‍යමාන හස්තයක බලපෑමක්? ඉමිතියාස් බාකර්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්