Wednesday, April 15, 2026
Homeක්‍රීඩාඅයර්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව 100 වැනි ටෙස්ට් ක්‍රිකට් ජය වාර්තා කරයි..

අයර්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව 100 වැනි ටෙස්ට් ක්‍රිකට් ජය වාර්තා කරයි..

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

මෙය ශ්‍රී ලංකාව ලබාගත් 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය වීම විශේෂත්වයක්.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කළා.

පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 704 ක් ලබා ගත්තා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 205 ක් සහ නිශාන් මධුශ්ක 205 වශයෙන් දිවිත්ව ශතක වාර්තා කිරීම කැපී පෙණුනා.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211 හබා ගිය අයර්ලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා රැස් කර ගත හැකි වූයේ ලකුණු 202 ක් පමණයි.

එ අනුව දෙවනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 10 කින් ජය ගත් ශ්‍රී ලංකාව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රාහණය කළා.

READ:   තවත් කොවිඩි රෝගියෙකු මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්