Friday, September 11, 2026
Homeදේශීයජගත් ආදීවාසී උත්සවයේ ඔබ නොදුටු දසුන්…

ජගත් ආදීවාසී උත්සවයේ ඔබ නොදුටු දසුන්…

ලෝක ආදිවාසි දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු ආදිවාසී දින සැමරුම් උත්සවය, දඹාන කොටබකිනිය, මොරබැද්ද ගම්මානයේදී ඊයේ (09) පැවැත්වුණා.

“ආදිවාසී සංස්කෘතියේ වෙනස්වීම් පිළිබඳ තීරණ ගැනීමට, ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයින් ලෙස හදුනාගැනීම” යන්න තේමා කරගත් මෙවර ආදිවාසී දින සැමරුම, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

file

හිටපු ආදිවාසී නායක ඌරුවරිගයේ තිසාහාමිලා ඇත්තන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් සමඟ නිල්ගල, රතුගල, පොල්ලෙබැද්ද, දඹාන, හේනානිගල, වාකරේ යන ආදිවාසි ගම්මානවල නායක ඇත්තන් ඇතුලු ආදිවාසීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ආදිවාසීන්ට උරුම වූ විවිධ සංස්කෘතිකාංග වලින් උත්සවය අලංකාරවත් විය.

file

ආදිවාසී දිනයට සමගාමීව ඊයේ රාත්‍රියේ පැවති ආදිවාසීන්ගේ වරිග සභාවේදී ගනු ලැබූ තීන්දු තීරණ සහ යෝජනා ඇතුලත් සංදේශය, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් විදුර වික්‍රමනායක මහතා වෙත සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වුණා.

file
file
file
file
file
file
file
file
file
file
READ:   අරගලයේ දී මැයි 9 ජීවිතක්ෂයට පත් වූ අමරකීර්ති වෙනුවෙන් නාමල් පිං අනුමෝදන් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්