Saturday, August 29, 2026
Homeදේශීයගාලුමුවදොරදී දරුවන් පිලිබඳව පොලිසිය කටයුතු කළ ආකාරය ගැන පැමිණිල්ලක්

ගාලුමුවදොරදී දරුවන් පිලිබඳව පොලිසිය කටයුතු කළ ආකාරය ගැන පැමිණිල්ලක්

ඊයේ (09) ගාලුමුවදොර අරගලයේ විරුවන් සැමරීමේ විරෝධතාවය අතරතුර, පොලිසිය කුඩා දරුවන් පිළිබඳව කටයුතු කළ ආකාරය ගැන ලංකා ගුරු සංගමය විසින් ළමා ආරකෂක අධිකාරියට අද (10) පැමිණිල්ලක් භාර දී තිබෙනවා.

විරෝධතාවය අතරතුරදී කුඩා දරුවකු උඳුරාගැනීමට තැත් කිරීම, වයස අවුරුදු 15ක දරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම යන කාරණා මූලික කරගනිමින් පොලිසියට විරුද්ධව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ළමයින් පිළිබඳ සිදුවීමක් බැවින් ළමා ආරක්ෂක අධිකාරිය පැමිණිල්ල සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කරණු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කර සිටියා.

READ:   කටුනායක ගොඩබෑමට තිබූ ගුවන්යානා දෙකක් යළි හරවා යවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්