Sunday, April 19, 2026
Homeදේශීයමිරිහානේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

මිරිහානේදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ..

මිරිහාන, ගල්වල පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා 34 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසනවා.

සිද්ධියෙන් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළා.

ඥාති නිවසකදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඝාතනය සිදුව තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

READ:   BREAKING: ලාෆ්ස් ගෑස් මිල වැඩිකිරීම ගැන තීරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්