Thursday, May 14, 2026
Homeදේශීයජාතික අක්ෂි රෝහලේ නැවතුණු සැත්කම් යළි පටන් ගන්නේ කවදාද?

ජාතික අක්ෂි රෝහලේ නැවතුණු සැත්කම් යළි පටන් ගන්නේ කවදාද?

ජාතික අක්ෂි රෝහලේ තාවකාලිකව නවතා දැමූ සැත්කම් හෙට(24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

අක්ෂි සැත්කම් කිරීමෙන් පසු සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් පසුගිය 14 වැනිදා සිට අක්ෂි ‍රෝහලේ සියලුම ශල්‍යාගාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව Life Traveler කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පසුගියදා සඳහන් කළා.

ඇසට යොමු කරන ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් හේතුවෙන් එම සංකූලතා තත්ත්වය හටගත් බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ එහිදී අනාවරණය කළා.

මේ වනවිට එම සංකූලතා තත්ත්වය ඇතිවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් අවධාරණය කරයි.

https://www.lifetraveler.lk/2023/04/21/hospital-5/
READ:   ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව සුපිරි ජයක් ලබයි...
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්