ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ තවත් තරඟයක් ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර ඊයේ (08) පැවැත් වුණා. මෙම තරඟයෙන් ඇෆ්ගනිස්ථානය පරදා ලකුණු 101 ක දැවන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී KL රාහුල් ලකුණු 62 ක්, සූර්යකුමාර් යාදව් ලකුණු 6 ක්, රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 20 ක් හා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී ලකුණු 122 ක් ලබා ගැනීම කැපී පෙනුණා.
ලකුණු 212 ක දැවැන්ත ඉලක්කයක් හබා ගිය ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 04කට කඩුළු 05 ක් බිඳහෙලුවා.
මෙම තරඟ ජයග්‍රාහණයත් සමඟ ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…