Sunday, May 31, 2026
Homeදේශීයජනතාවට තුවක්කු දික්කරන්නෙපා සරත් ෆොන්සේකා ඉල්ලා සිටියි.

ජනතාවට තුවක්කු දික්කරන්නෙපා සරත් ෆොන්සේකා ඉල්ලා සිටියි.


    දැඩි අර්බුදකාරී තත්වයක් තුළ පීඩාවට පත්ව සිටින මහ ජනතාව වෙතට තම තුවක්කුව එල්ල කිරීම සාහසික වන බවත් යුද්ධ හමුදාව සහ පොලීසිය ජනතාව සමඟ කටයුතු කිරීමේදී මීට වඩා විනය ගරුකව හා මනා ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු වන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටිනවා.
කුරුණෑගල ඉන්ධන පිරවුම් හල තුල සිවිල් පුද්ගලයෙකුට පහරදුන් හමුදා නිලධාරියා සහ පසුගිය දිනක ගාලු කොටු පවුර මත පැවති  විරෝධතාවයක් නැවැත්වීමට කටයුතු කරන හමුදා නිලධාරීන් විසින්  සමස්ත යුද හුමුදාවට කැලලක් අගෞරවයක් ඇතිවන ආකාරයට රාජකාරි සිදු කර ඇති බව පෙන්වා දෙන එතුමන් . එම නිලධාරීන්ට එරෙහිව විවෘත හා විනිවිද භාවයෙන් යුතු විනය ක්‍රියාමාර්ග ගෙන උපරිම දඩුවම් ලබා දී හමුදාවේ කීර්ති නාමය රැකගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිනවා.

READ:   රටවල් හතරක් සඳහා තැපල් භාණ්ඩ භාර නොගැනෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්